8
Microsoft Certified Professional කියන්නේ ගොඩක් කට්ටිය පාස් වෙන්න ට්‍රයි කරන exam එකක්. ගොඩක් අය ට්‍රයි කලාට පාස් වෙන්නේ කිහිප දෙනායි. නමුත් ලඟදී, එංගලන්තේ Coventry නගරයේ වයස අවුරුදු පහක කුඩා ලමයෙක් Microsoft Certified Professional කෙනෙක් වෙලා තියෙනවා.
ඔහුගේ නම අයාන් කුරේෂි (Ayaan Qureshi). අයාන්ගේ පවුල පාකිස්තානයේ සිට එංගලන්තයට ඇවිල්ලා තියෙන්නේ 2009දී. අයාන්ගේ අම්මා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න අතර ඔහුගේ පියා IT Consultant කෙනෙක්.
එංගලන්තයේ BBC Asian Network ගුවන්විදුලි සේවයට කථා කල ඔහුගේ පියා ආසිම් කුරේෂිට අනුව, අයාන් කම්පියුටර්ස් එක්ක සෙල්ලං කරන්න පටන්ගෙන තියෙන්නේ වයස අවුරුදු තුනේ ඉඳන්. දැන් අයාන්ගේ ගෙදර එයා විසින්ම ඉන්ස්ටෝල් කරපු නෙට්වර්ක් එකක් තියෙනවා.
අයාන් කියන්නේ Microsoft Certified Professional විභාගය අමාරු නමුත් එයා ඒක ගොඩක් ආසාවෙන් කල බවයි. Microsoft Certified Professional exam එකේ ලකුණු 1000න් 700ක් ගන්න සමත් වුන අයාන්ට දැන් නිල වශයෙන් Microsoft’s Windows operating system එක ඉන්ස්ටෝල් කර configure කරන්න සුදුසුකම තියෙනවා.